Latest posts

සරළ අඳුරට සංවේදී පරිපථයක් හදමු

රෑ වෙද්දී පත්තු වෙන ලයිට් එකක් හදන්න අසාවෙන් හිටියද? අද අපි බලමු අවට පරිසරය අදුරු උනාම දැල්වෙන බල්බ් එකක් හදාගන්න විදිය.

අපි මේ පරිපථය හදන්නේ breadboard එකක් පාවිච්චි කරලා. අපි අද හදන පරිපථයේ උපාංග තියෙන්නේ ඉතා පොඩි ප්‍රමාණයක්  අපිට පොඩි ප්‍රමාණයේ breadboard එකක් ඇති.

 

අවශ්‍ය උපාංග   

  1. Light-dependent resistor (LDR) - 1
  2. 1k ohms Resistor – 1
  3. 100k ohm Preset (VR) - 1
  4. 2N3904 Transistor - 1
  5. LED (Light-emitting diode) – 1
  6. 9V battery - 1
  7. Breadboard - 1
  8. Jumper wires

පරිපථය (Schematic)

Breadboard හි පරිපථය සවි කරන අකාරය

පරිපථය ක්‍රියාත්මක කරමු

පරිපථය හදල බැටරිය සම්බන්ධ කලට පස්සේ LDR එක ඔබේ අත්වලින් ආවරණය කර අඳුරු කරන්න.

එවිට LED බල්බය දැල්වෙනු ඇත. LED බල්බය දැල්වෙන්න පරිසරය කොච්චර අඳුරු වෙන්න ඕනද කියන එක, පරිපථයේ ඇති VR1 සිරු මාරු කිරීම තුලින් වෙනස් කරගන්න පුලුවන්.

 

පරිපථයේ ක්‍රියාකාරිත්වය තේරුම් ගනිමු

දැන් අපි බලමු මේ පරිපථය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල.

මේ පරිපතයේදී අපි පරිසරයේ ආලෝක මට්ටම මනින්න භාවිත කරන්නේ LDR (Light dependent resistor)කියන උපාංගය. මේකට සිංහලෙන් ආලෝක සංවේදී ප්‍රතිරෝධකය කියල හදුනවන්වා. ආලෝක සංවේදී ප්‍රතිරෝධකය එහෙමත් නැත්තම් LDR උපාංගය එහි මුනතට වැටෙන ආලෝක ප්‍රමාණය අනුව අග්‍ර දෙක අතර ඇති ප්‍රතිරෝධය (resistance) වෙනස් කරනවා.  ආලෝකය වැටෙන ප්‍රමාණය වැඩි වන විට කොට අග්‍ර අතර ප්‍රතිරෝධය අඩු වන ලෙසත්, ආලෝක ප්‍රමාණය අඩු වන විට ප්‍රතිරෝධය වැඩි වෙන විදියටත් ක්‍රියාත්මක වෙනවා.

පරිපථයේ LED බල්බය දැල්වීම හා නිවීම කරන්නේ Q1 කියන ට්‍රාන්සිටරය (Transistor) මගින්.

ට්‍රාන්සිස්ටරයක් කියන්නේ එක්තරා ආකාරයක ව්ද්‍යුත් ස්විචයක්. මෙහි පාදම (Base) අග්‍රයට ඉතා කුඩා ධාරාවක් ලබා දීමෙන් සහ මෙහි Base සහ Emitter අග්‍ර අතර 0.6V වලට වඩා වැඩි වෝල්ටීයතාවක් ලබා දීමෙන් , අපට මේ ස්විචය සංවෘත්ත එහෙමත් නැතිනම් ON කරන්න පුළුවන්.

මුලින්ම අදුරගමු අපි මේ පරිපතයට පාවිච්චි කරන transistor එකේ pin මොනවද කියල. අපි මේ පරිපතයට පාවිච්චි කරන්නේ 2N3904 කියන ට්‍රාන්සිස්ටරය. මේකට වෙන ඕනෑම NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් භාව්ත කරන්න පුළුවන්

අපි මේ පරිපතයේදී කරන්නේ, Q1 ට්‍රාන්සිස්ටරයේ Base සහ Emitter අග්‍ර අතර වෝල්ටීයතාව පරිසරයේ ආලෝක ප්‍රමාණය අනුව වෙනස් කිරීම මගින් පරිසරය අපට අවශ්‍ය ප්‍රමාණයට අඳුරු උනාම Q1 ට්‍රාන්සිස්ටරය ON කිරීමයි.

පරිපථයේ තියන VR1 සහ LDR මගින් voltage divider එකක් එහෙමත් නැත්තම් විභව බෙදුමක් හදනවා. එතකොට අපි පරිපතයට ලබා දෙන වොල්ට් 9 ක විභවය VR1 සහ LDR ප්‍රතිරෝධතා වලට සමානුපාතිකව දෙකට බෙදෙනවා වැඩි ප්‍රතිරෝධයක් සහිත උපාංගය හරහා වැඩි වොල්ටියතවකුත් අඩු ප්‍රතිරෝධය ඇති උපාංගය හරහා අඩු වොල්ටියතාවකුත් ලෙසට.

පරිසරයේ හොඳින් ආලෝකය තියන වෙලාවට LDR හි ප්‍රතිරෝධය ඉතා අඩු අගයකට අඩු වෙනවා, නමුත් VR1 හි ප්‍රතිරෝධය නියතව නොවෙනස් ව තියන නිසා, අපි ඉහත කතා කරපු විදියට LDR හරහා ඇති වෝල්ටීයතාව අඩු අගයකට පත් වෙනවා. මේ වොල්ටියතාව 0.6V වලට වඩා අඩු වූ විට ට්‍රාන්සිස්ටරටේ Base සහ Enitter අතර වෝල්ටීයතාවද 0.6V වලට වඩා අඩු වන නිසා , ට්‍රාන්සිස්ටරය OFF අවස්ථාවට යොමු වෙනවා. එවිට ට්‍රාන්සිස්ටරයේ Collector හරහා සම්බන්ධකොට ඇති LED බල්බය නිවී යනවා.

පරිසරය අඳුරු වූ විට, LDR හි ප්‍රතිරෝධය වැඩි අගයකට පත්වෙනවා, මෙවිට විභව බෙදුමේ, LDR හරහා ඇති වොල්ටියතවද ඉහල යනවා. මේ ඉහලයන වෝල්ටීයතාව 0.6V වලට වඩා වැඩි වූ විට ට්‍රාන්සිස්ටරය ON අවස්ථාවට පත් වෙනවා. එවිට ට්‍රාන්සිස්ටරයේ Collector පාදය හරහා සවි කර ඇති LED බල්බය දැල්වෙනවා.

 

විභව බෙදුමේ, බෙදුම් ලක්ෂයේ වෝල්ටීයතාව හෙවත් ට්‍රාන්සිස්ටරයේ Base සහ Emitter අතර වොල්ටියතාව, 0.6V පසු කරන්නේ, LDR හි ප්‍රතිරෝධය කුමන ප්‍රමාණයකට වඩා වැඩි වූ විටද යන්න වෙනස් කිරීමට, VR1 සීරුමාරු කිරීම තුලින් පුළුවන්. VR1 හි ප්‍රතිරෝධය අඩු වන විට LDR හි අඩු ප්‍රතිරෝධයකදී එනම් ආලෝකය යාම් ප්‍රමාණයකට ඇති අවස්ථාවකදී පවා LED බල්බය දැල්වෙනවා. VR1 හි ප්‍රතිරෝධය වැඩි කරන විට LED දැල්වීම සදහා LDRහි තිබියයුතු ප්‍රතිරෝධය වැඩි අගයක් ගැනීමට සිදුවෙනවා, එනම් පරිසරය ඉතා අදුරු වියයුතුය

Leave a comment1