සෙරමික් ධාරිත්‍රක වල අගය කියවන්නේ කොහොමද කියල ඉගෙන ගනිමු
BreadBoard ගැන ඉගෙන ගනිමු
Breadboard කියන්නේ මොනවද
Breadboard කියන්නේ ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්රයේ තියන හුගක්ම ප්‍රසිද්ධ දෙයක්. මේක ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්රයට අඩිය තියන අය බහුලවම භාවිතා කරන , නමුත් ඉලෙක්ත්රොනික් ක්ෂේත්රයේ ප්‍රවීනයන් පවා භාවිතා කරන උපාංගයක් කියල කිව්වොත් නිවැරදියි.
Breadboard කියන්නේ අපිට පරිපථයක් ඉතා ඉක්මනින් එහෙත් තාවකාලිකව අටවා පරික්ෂ කරන්න පාවිච්චි කරන්න භාවිත කරන උපාංගයක්. මේක බහුතරයක් අවස්ථා වල පරිපථ සමග පරීක්ෂණ කිරීමට (Experiment) භාවිත කරනවා. මේක නිසාම breadboard එක proto board (ප්‍රොටෝ බෝඩ්) කියලත් හදුන්වනවා.
Breadboard උපාංගය විවිධ ප්‍රමාණ වලින් වගේම විවිධ වර්ණවලින් වෙළඳපොලේ දකින්න ලැබෙනවා. මෙහි මිල ගණන්ද මෙහි ප්‍රමාණය සමග වෙනස් වෙනවා
ඉතිහාසය
Breadboard වල අතීතය ගැන කතා කලොත්, ඉස්සර , ඒ කියන්නේ 1960 ගණන්වල, පරිපථ අටවන්න මිනිස්සු පාවිච්චි කලේ wire-wrap (වයර් වරැප්) කියල ක්‍රමයක්. මේකෙදි වෙන්නේ ලියක් උඩ සිහින් යකඩ කූරු සවිකරලා , අපිට අවශ්‍ය සම්බන්ධතා ලැබෙන විදියට අවශ්‍ය කූරු , වයර් මගින් සම්බන්ධ කිරීමයි. මේකෙදි මේ කූරු වල සම්බන්ධතාවය ලැබෙන විදියට වයර් ඔතන නිසාතියන් තමයි, මේකට wire-wrap කියන නම ලැබිල තියෙන්නේ
හුගක් වෙලාවට මිනිස්සු තමන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ලියක් තමයි මේකට භාවිත කලේ. ඉතින් ඒ කාලේ ඕනෑම නිවසක පහසුවෙන් සොයාගන්න පුළුවන් පැතලි ලීය තමයි පාන් ලෑල්ල. මිනිස්සු තමන්ගේ පාන් ලෑල්ලේ එන කීපයක් සවිකරලා, එකේ තමන්ට ඕන සම්බන්ධතාවය ලැබෙන විදියට වයර් ඇදලා පරිපථ නිර්මාණය කරන්න පෙළඹුනා.
මේ ක්රමයේ අවාසිය තමයි, කුඩා පරිපථයක් උනත් හදන්න ගියාම ඉතා ඉක්මනින් පරිපථය වයර් ගොඩක් සහිත සංකීර්ණ දෙයක් බවට පත් වෙන එක. එහෙම උනාම පරිපථයේ අඩු පාඩු හොයන එක ඉතාම අපහසුයි. අනිත් එක තරමක් හෝ සංකීර්ණ පරිපත් අටවන්න, මේ ක්‍රමය ප්‍රායෝගික උනේ නැහැ.
භාවිතය
බහුලව භාවිතාවන ඉහත අකාරයේ Breadboard එකක් A,B,C සහ D ලෙක කොටස් 4 කට වෙන් කරන්න පුළුවන්
මේ කොටස් වලින් A සහ D කොටස් වල සම්බන්ධතා තිරස් අතටත් ,B සහ C කොටස් වල සම්බන්ධතා සිරස් අතටත් පවතිනවා
A සහ D කොටස් සාමාන්‍යයෙන් භාවිත වෙන්නේ බල සැපයුම් සම්බන්ධතා ලෙසයි. B සහ C කොටස් පරිපථයේ උපාංග සවි කිරීමට සහ ඒවායේ පාද එකින් එක සම්බන්ධ කිරීමට යොදා ගන්නවා
A හෝ D කොටස් බැලුවොත් අපිට පේනවා එහි උඩ සිදුරු පේලියට උඩින් දිග නිල පාට ඉරකුත්, යට සිදුරු පේලියට යටින් දිග රතු පාට ඉරකුත් ඇඳලා තියනවා. මේ නිල්පාට ඉරට යටින් තිරස් අතට තියන සිදුරැ පේලියේ සිදුරු ඇතුලෙන් සන්නායක මගින් එකිනෙක සම්බන්ධවෙලා තියෙන්නේ. ඒ වගේම රතු පාට ඉරට උඩින් තිරස් අතට තියන සිදුරැ පේලියේ සිදුරු ඇතුලෙන් සන්නායක මගින් එකිනෙක සම්බන්ධවෙලා තියෙන්නේ. නමුත් මේ තිරස් සිදුරු පේලි දෙක එකිනෙක සම්බන්ධ වෙලා නෑ. පහල රුපයෙන් පෙන්නේ මේ සිදුරු සම්බන්ධ වෙලා තියන විදිය
B හෝ C කොටසේ ගත්තොත් ඒවායේ සිදුරු සිරස් අතට සිදුරු 5 කොටස් විදියට වෙන වෙනම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දකුණු පැත්තේම සිරස් අතට තියන සිදුරු 5 , ඇතුලෙන් එකිනෙකට සම්බන්ධයි. ඒ සිරුරු පහට වම් පැත්තෙන් සිරස් අටට තියන සිදුරු 5 නැවත ඇතුලෙන් එකිනෙකට සම්බන්ධයි. මේ විදියට සිරස් අතට තියන සිදුරු සම්බන්ධ වෙලා තියනවා
නමුත් B හෝ C කොටසේ සිදුරු එකින් සම්බන්ධ වෙන්නේ නැහැ
Breadboard එක මත උපාංග සවිකිරීමේදී පාද පේලි දෙකක් තියන IC (සංගෘහිත පරිපථ) වගේ ඒවා B සහ C කොටස් දෙකම භාවිත කරලා සවිකර ගන්නවා, අනිත් පාද තනි පේලියක් පමණක් ඇති රෙසිස්ටර් , ට්‍රාන්සිස්ටර් LED වැනි උපාන්ඩ් B හෝ C කොටසක සවි කර ගන්නවා. එලෙස සවි කලාම ඒවායේ පාද වල සම්බන්ධතා තියන විදිය පහත රූපයේ කොළ පාටට පේනවා.
උපාංග අතර සම්බන්ධතා ඇති කරන්න අපිට ජම්පර් වයර් (jumper wire) භාවිතා කරන්න පුළුවන්. ජම්පර් වයර් , අපිට අවශ්‍ය උපාංග වල පාද සවිවෙලා තියන සිදුරු පේලිවලට සම්බන්ධ කිරීමෙන් එම සිරස් සිදුරු පේලි අතර සම්බන්ධතා ගොඩ නගන්න පුළුවන්.
ඉහත රුපයේ අපි නිල් පාටින් සවිකරපු වයර් සියල්ලම එකිනෙක ,breadboard හි D කොටසේ නිල් පාට ඉරට යටින් තියන සිදුරු පේලිය හරහා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් තැඹිලි පාට වයර් එකිනෙකට සම්බන්ධ නැහැ. ඒවා උපාංග වල අදාල පාද පමණක් එකිනෙකට සම්බන්ධ කරනවා
Breadboard භාවිතයේ වාසි
අපි Breadboard භාවිතා කරන්නේ අපේ තියන පරිපථයක් ඉක්මනින් එත් තාවකාලික ආකාරයට අටවල පරිපථය අපට ඕන විදියට වැඩ කරනවද කියල බලන්න. මොකද පරිපථයක කොට ඊයම් මාර්ගයෙන් එකිනෙක සම්බන්ධ කලොත් අපිට පරිපථය වැඩ කරන්නේ නැති වුනොත් අවශ්‍ය වෙනස් කමක් කරන්න අපහසුයි. නමුත් අපි එම පරිපථය ම Breadboard එකක සවිකලොත් අපිට අවශ්‍ය වෙනස් කමක් ඉතා ලේසියෙන් කරන්න පුළුවන්
Breadboard භාවිතයේ අවාසි
Breadboard හරහා ඉක්මනින් පරිපථයක් අටවන්න පුළුවන් උනාට, පරිපථයේ උපාංග අතර තියන සම්බන්ධතා ශක්තිමත් නැහැ. අනිත් එක උපාංග තදින් සවිවෙලත් නැහැ. එක නිසා උපාංග සෙලවෙනවා , මේ නිසා සමහර වෙලාවට අපි breadboard එක එහාට මෙහාට ගෙනිච්චොත් සෙලවිමේදී පරිපථයේ උපාංග අතර සම්බන්ධතා නැති වෙන්න පුළුවන්
එත් එක්කම තියන අවාසියක් තමයි, සංකීර්ණ පරිපථ අටවන්න breadboard භාවිතා කරන්න තියන පහසුව. උපාංග එකින් සවි කරන්න වයර් අවශ්‍ය නිසා, උපාංග විශාල ප්‍රමාණයක් ඇති අවස්ථාවක, පරිපථය සම්බන්ධ කරන්න ප්‍රමාණයෙන් විශාල Breadboard එකක් හෝ කීපයක් භාවිතා කරන්න වෙනවා
Breadboard ආධාරයෙන් පරිපථ අටවිමේදී අනිවාර්යයෙන්ම මතක තියාගත යුතු කාරණයක් වෙන්නේ, උපාංග වල පාද අනවශ්‍ය ආකාරයට එකිනෙක නොගැවෙන විදියට සම්බන්ධ කර ගන්න එක. නැතිනම් short circuit අවස්ථා එන්න පුළුවන්
ප්රොටෝටයිපිං (Prototyping) වලට ඕන බ්‍රෙඩ්බෝඩ්, ජම්පර් වයර් වගේ දේවල් අඩුම මිලට පහලින් ගන්න පුළුවන්
Leave a comment1