සෙරමික් ධාරිත්‍රක වල අගය කියවන්නේ කොහොමද කියල ඉගෙන ගනිමු
- -25%
- Out-of-Stock. But coming back soon!
Soldering Iron (සෝල්ඩරින් අයන්) එහෙමත් නැත්තම් විදුලි පාහනය ඉලෙක්ට්‍රොනික් වල තියන අත්‍යවශ්‍යම උපාංග වලින් එකක්. මේක අපි සාමාන්‍ය ව්‍යාවහාරයේදී බවුත් (Bouth) කියලත් හදුන්වනවා. අපි මෙතන සිට දිගටම බවුත් කියන වචනය පාවිච්චි කරමු
බවුත් එක ඉලෙක්ට්‍රොනික් වලදී භාවිත වෙන්නේ උපාංග හෝ වයර් , ඊයම් ආධාරයෙන් එකිනෙකට පාස්සා ගන්න. ඊයම් ආධාරයෙන් කරන පෑස්සිමක් මගින් පැස්සීමට ලක්වන උපාංගයේ පාද හෝ වයර් නිත්‍ය ලෙස එකිනෙකට සවිවෙනවා.
මෙකෙදි සිද්දවෙන්නේ, බවුත් එකේ රත්වුණ තුඩ ඊයම් වලට සම්බන්ධ කලවිට ඊයම් දිය වෙලා අපිට එකින් සම්බන්ධ කරන්න ඕන ස්ථානයේ පැතිරී යන එක. මෙහෙම දියවෙලා පැතිරුන ඊයම්, උෂ්ණත්වය අඩුවෙන කොට ඉක්මනින් සවි වෙනවා. එතකොට තමයි අපි එක මත තියපු පාද හා වයර් නිත්‍ය විදියට සම්බන්ධ වෙන්නේ.
වෙළද පොලේ ප්‍රධාන වශයෙන් බවුත් වර්ග දෙකක් අපිට දැක ගන්න පුළුවන්.
මේ වර්ග දෙකෙන් සාමාන්‍ය භාවිතයේදී වැඩියෙන්ම භාවිත වෙන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එක. මේකට හේතුව මේවා සරල ධාරා බවුත් එකකට සාපේක්ෂව ඉතා අඩු මිලකට ගන්න පුළුවන් වීම සහ මේ බවුත් එකේ තියන සරළ භාවය. සාමාන්‍ය වෙළඳපොලේ රුපිය 500/- පමණ සිට අපට මේ වගේ ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් දකින්න ලැබෙනවා.
අද මේ බ්ලොග් පොස්ට් එකෙන් අපි ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එහෙමත් නැත්තම් AC soldering Iron ගැන කතා කරමු
අපි ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එකක මුලික කොටස් අදුන ගනිමු

ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එකක මුලික කොටස් කීපයක් තියනවා
මේකේ තුඩ සහ බඳ කියන්නේ රත් වෙන කොටස්. අපි බවුත් එකේ භාවිතයේදී අල්ල ගන්නේ මිටෙන් . කිසිම අවස්ථාවක බවුත් එක භාවිත කරද්දී බඳෙන් හෝ තුඩෙන් අල්ලන්න, හෝ ඇඟේ ස්පර්ශ වෙන්න ඉඩ තියන්න එපා. මොකද තුඩ සහ බඳ ඉතා අධික උෂ්ණත්වයකට රත්වෙන නිසා හමේ ස්පර්ශ උනොත් දරුණු පිලිසුමකට ලක්වෙන්න පුළුවන්
සාමාන්‍ය වෙලදපොලේ දකින්න ලැබෙන ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් වල මීට ලී වලින් හෝ ප්ලාස්ටික් වලින් නිමවෙලා තියනවා. මේ නිසා බවුත් එක රත් උනාට අතින් අල්ලන කොටස රත්වෙන්නේ ඉතා අඩුවෙන්
ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එක වයරය හරහා අපේ නිවසේ විදුලියට සවිකරන්න පුළුවන්. එලෙස සවිකලාම, ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එකේ බඳ ඇතුලේ තියන රත්වෙන දඟරය (heating element) එක රත් වෙන්න පටන් ගන්නවා . මේක රත්වෙද්දි එකත් එක්ක සම්බන්ධ වෙලා තියන තුඩත් රත්වෙන්න පටන් ගන්නවා. තුඩ සම්පුර්ණයෙන් රත් උනාම අපට පුළුවන් ඊයම් දිය කරන්න භාවිතා කරන්න
ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එකක තුඩ ගැන කටහකලොත් සාමාන්‍යයෙන් වර්ග දෙකක් දකින්න ලැබෙනවා
මේවයෙන් කොපර් තුඩ මිලෙන් ඉතා අඩුයි. නමුත් කල්පැවැත්ම අතින් ඉතාම දුර්වලයි. මේ වගේ තුඩ ඉතා ඉක්මනින් සවුත්තු වෙනවා වගේම, පෑස්සුමේ ගුණාත්මක බාවයත් අඩුයි.
සෙරමික් තුඩ කතා කලොත් මේක කොපර් තුඩට වැඩ ගණන් වැඩි, සාමාන්‍යයෙන් සුදු පැහැයක් ගන්නවා. මේ වගේ තුඩකින් ඉතා ඉහල ගුණාත්ම භාවයකින් යුතු පෑසුමක් ලබා ගන්න පුළුවන් වගේම නිවැරදිව භාවිත කලොත් ඉතා දීර්ග කාලයක් භාවිත කරන්න පුළුවන්. වෙළඳපොලේ තියන මිල අධික ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් සියල්ලේම එන්නේ සෙරමික් තුඩ.
මීට අමතරව බවුත් තුඩ විවිධ හැඩ වලින් දකින්න ලැබෙනවා. පැසසීමට ගන්න උපාංගය අනුව මෙම තුඩ වෙනස් වෙනවා

සාමානයයෙන් බවුත් එකක් සමග එන්නේ කොනිකල් (Conical) කියන උලක් වගේ තුඩ. මේ තුඩ සාමානය ඉලෙක්ට්‍රොනික් උපාංග පාස්සන්න කරදරයකින් තොරව භාවිත කරන්න පුළුවන්
ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් වෙළඳපොලේ විවධ වොට් අගයන්ගෙන් ලබා ගන්න පුළුවන්. මේ වොට් අගයෙන් තමයි තීරණය වෙන්නේ බවුත් එක මගින් කොච්චර ශක්තියක් තාපය විදියට පිටකරන්න පුලුවන්ද, එහෙමත් නැත්තම් තුඩ කොච්චර රත් කරන්න පුලුවන්ද කියලා. වෙළද පොලේ බහුලවම දකින්න ලැබෙන්නේ 30W, 40W, 60W සහ 100W ප්‍රමාණයේ ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත්.
මේවයෙන් ඉලෙක්ට්‍රොනික උපාංග පාස්සන්න භාවිතා කරන්නේ 30W හෝ 50W බවුත් පමණයි. මොකද ඊට වැඩි වොට් ගණනක් සහිත බවුත් අපේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට දරාගැනීමට නොහැකි තරමේ උෂ්ණත්වයකට රත්වෙන නිසා එම උපාංග විනාශ වෙන්න පුළුවන්.
60W, 100W වගේ බවුත් භාවිත වෙන්නේ විශාල කම්බි පාස්සන්න, හෝ යකඩ පාස්සන්න
20W, 30W හෝ 40W වගේ බවුත් උපාංග පාස්සන්න යොදා ගන්නවා. නමුත් සමහර වෙලාවට වොට් ගණන අඩු බවුත් වල රස්නය මදි නිසා, සමහර උපාංග හෝ වයර් පාස්සන්න අපහසු වෙන්න පුළුවන්. මේ නිසා අපේ ඉලෙක්ට්‍රොනික් වැඩ වලට 30W, 40W ප්‍රමාණයේ ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එකක් හරියටම ගැලපෙනවා
සාමාන්‍ය ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එකක උෂ්ණත්වය අඩු වැඩි කිරීමක් කරන්න ක්‍රමයක් නැහැ.එක නිසා බවුත් එක හැම විටම උපරිම රස්නයක පවතිනවා. නමුත් දැන් වෙළදපොලේ උස්ණත්වය වෙනස් කරන්න පුළුවන් ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් දක්කින්න ලැබුනත්, ඒවායේ මිල සාමාන්‍ය බවුත් එකකට වඩා ඉහල අගයක් ගන්නවා
මේ සටහන ලියන අවස්සාථාවේ සාමාන්‍යයෙන් වෙළඳපොලේ ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් විවිධ මිල ගණන් වලින් දකින්න ලැබෙනවා. ගුණාත්මක භාවයෙන් ඉතා අඩු බවුත් වර්ග රු.500/- වගේ සිට දකින්න ලැබෙනවා. ඉහල ගුණාත්මක භාවයකින් යුතු GOOT වැනි ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් රු. 3000/- පමණ මුදලකට ලබා ගන්න පුළුවන්
ඔබ ඉලෙක්ට්‍රොනික් වලට පිවිසෙන කෙනෙක් න හෝ ඉලෙක්ට්‍රොනික් වල ප්‍රවීනයෙක් නොවේ නම්, ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුතු GOOT වැනි බවුත් මිලදී ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඉතා අඩුවට තියන ඉතාම පහල ගුණාත්මක බවුත් මිලදී ගැනීමෙන්ද වැලකෙන්න.
සාමාන්‍යයෙන් රු 750/- – 1000/- අතර මුදලකට ගන්න පුළුවන් සෙරමික් තුඩක් සහිත 30W හෝ 40W ප්‍රමාණයේ බවුත් එකක් මිලදී ගැනීම නිර්දේශ කරන්න පුළුවන්. මේ වගේ ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් එකකින් සාපේක්ෂව ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුතු පෑස්සුමක් ලබා ගන්න පුළුවන් වගේම , සාපේක්ෂව කාලයක් භාවිත කරන්නත් පුළුවන්.
ප්‍රත්‍යාවර්ථ ධාරා බවුත් දීර්ග කාලයක් හොඳ තත්වයේ පවත්වාගෙන යන්න අපි අනුගමය කරන්න ඕන කරුණු කීපයක් තියනවා

විදුලි පාහන හෙවත් soldering iron ගැන තව දුරටත් කරුණු අපි තවත් බ්ලොග් සටහනකින් ඉගෙන ගනිමු
හොඳ තත්වයේ සෙරමික් තුඩ සහිත විදුලි පාහන සහ විදුලි පාහන රඳවන අඩුම මිලකට මිලදී ගන්න පහලින් පුළුවන්
Leave a comment1