සෙරමික් ධාරිත්‍රක වල අගය කියවන්නේ කොහොමද කියල ඉගෙන ගනිමු
ශබ්ද බල වර්ධකයක (Audio Power Amplifier) එකක ශබ්ද ප්‍රමිතිය (Sound Quality) හරියටම පරීක්ෂා කරන්නේ කොහොමද?
හැඳින්වීම:
ඉතා පැහැදිලි සහ සජීවී ශබ්ද රසවිඳීම audio power amplifier එකක් හදන හෝ මිලදී ගන්න අප සැමගේ අරමුණයි. audio power amplifier එකක sound quality එක මිනිස් කනෙන් නිරීක්ෂණය කර එහි හොඳ හෝ නරක සඳහන් කිරීම පිලිගතහැකි සාර්ථක ක්‍රමයක් නොවේ. එයට හේතුව වන්නේ ශබ්ද සංවේධීතාවය, ශබ්ද රසවින්දනය සහ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන බැවිනි.
එම නිසා audio power amplifier එකක sound quality එක මැන බැලීමට විද්‍යාත්මකව පිලිගත් සම්මත පරාමිතීන් (parameters) සහ මිනුම් ක්‍රම භාවිතා කලයුතු වේ.
මොනවද audio power amplifier එකක sound quality මැනීමට භාවිතා කරන විද්‍යාත්මකව පිලිගත් සම්මත පරාමිතීන්?
මෙහිදී ප්‍රදාණ වශයෙන් භාවිතා වන පරාමිතීන් කිහිපයක් පහත විස්තර කෙරේ.
1. Frequency Response
මිනිස් කනට ශ්‍රවණය කල හැකි ශබ්ද සංඛ්‍යාත පරාසය වන 20 Hz – 20 kHz තුල ඇති සියලුම ශබ්දයන් එක ලෙසම වර්ධණය කිරීමට amplifier එකේ ඇති හැකියාව පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරේ. ප්‍රමිතියෙන් ඉහල amplifier එකක frequency response එක 20Hz – 20 kHz පරාසය තුල ඒකාකාරීව පවති. එනම් සංඛ්‍යාතය සමග voltage gain එක වෙනස් වන ආකාරය ප්‍රස්ථාරගත කලවිට ප්‍රස්ථාරය 20Hz – 20 kHz පරාසයය තුල තිරස් රේඛාවක් ලෙස පැවතිය යුතුය.
frequency response එක දුර්වල amplifier එකක යම් යමි පරාසයන්ගේ (උදා. Base හෝ mid-range හෝ treble) ශබ්ද වැඩියෙනුත්, අනෙත් සංඛ්‍යාත පරාසයන්ගේ ශබ්ද අඩුවෙනුත් ඇසීම සිදුවේ.
2. Total harmonic Distortion (THD)
Audio power amplifier එක වෙත ලබාදෙන විවිධ සංඛ්‍යාත වල ශබ්දයන් විකෘති වීමේ ප්‍රමාණය මෙමගින් පරීක්ෂා කෙරේ. THD අගය 0% ට ආසන්න වන තරමට amplifier එක වෙත ලබාදෙන විවිධ සංඛ්‍යාත වල ශබ්දයන් විකෘති වීම අවම වේ. එනමි ප්‍රමිතියෙන් ඉතා ඉහල amplifier එකක THD අගය 1% ට අඩු අගයක පවතී.
THD අගය දුර්වල amplifier එකකින් අපට සජීවී, එනම් විකෘති නොවූ ශබ්ධ ලබාගත නොහැකි වේ.
3. Signal to Noise ratio (SNR)
Amplifier එකට අප ලබාදෙන sound input signal එකේ ඇති අපට අවශ්‍ය ශබ්ද සඥා පමණක් වර්ධණය කරන අතරම භාහිරින් එකතුවන අනවශ්‍ය සඥා (electrical noise) වර්ධණය නොකර සිටීමේ හැකියාව මෙමගින් මණිනු ලැබේ. ප්‍රමිතියෙන් ඉහල amplifier එකක SNR අගය 80dB (ඩෙසි බෙල්) හෝ ඊට වැඩි අගයක් ගනී.
SNR අගය දුර්වල amplifier එකකින් අපට බොහෝ බාධාකාරි අනවශ්‍ය ශබ්ද (noise) ඇසෙන නිසා කනට මිහිරි පැහදිලි ශබ්ද ලබාගත නොහැකිවේ.
4. Crosstalk
Amplifier එකේ channels අතර සඥා මිශ්‍ර වීමට ඇති හැකියාව මෙමගින් මනිනු ලැබේ. උදා. Stereo amplifier එකක Left සහ Right channel දෙක අතර ශබ්ද සඥා මිශ්‍ර නොවිය යුතුය. ප්‍රමිතියෙන් ඉහල amplifier එකක සෑම channel එකකම crosstalk අගය ඉතා අඩු අගයක් ගතයුතුය.
ප්‍රමිතියෙන් දුර්වල amplifier එකක channels අතර සඥා මිශ්‍ර වීම නිසා ශබ්ද අපැහැදිලි වේ.
මෙම පරාමිතීන් ප්‍රායෝගිකව පරික්ෂා කරන අයුරු අප ඉදිරියේදී විස්තරාත්මකව සාකච්ඡා කරමු.
Leave a comment1