සෙරමික් ධාරිත්‍රක වල අගය කියවන්නේ කොහොමද කියල ඉගෙන ගනිමු
සෙරමික් ධාරිත්‍රක වල අගය කියවන්නේ කොහොමද?
ඉලෙක්ට්‍රොනික පරිපථ වල බහුලවම භාවිත වන උපාංගයක් තමයි සෙරමික් වර්ගයට අයත් ධාරිත්‍රක, එහෙමත් නැත්තම් කැපසිටර්. (Ceramic Capacitor). මේවා අදුරගන්න හරිම පහසුයි. දුඹුරු පැහැයට හුරු වර්ණයක් , නොදිලිසෙන මතුපිටක් සහ පැතලි රවුම් හැඩයක් ගන්නවා. හරියට පරිප්පු ඇටයක් වගේ කියල කිව්වොත් නිවැරදියි
මේ සෙරමික් ධාරිත්‍රක වල ධාරිතා අගය එකේ මතු පිට ප්‍රින්ට් කරල එවනවා. හැබැයි හුගක් වෙලාවට මෙම අගය කෝඩ් එකක් (code) එහෙමත් නැත්තම් කේතයක් විදියට තමයි සදහන් කරලා එන්නේ.
එකට හේතුව, සාමාන්‍යයෙන් සෙරමික් ධාරිත්‍රක ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා එහි මතුපිට දිග අංකයක් සදහන් කරන්න තරම් ඉඩක් නැහැ.
දැන් අපි බලමු කොහොමද මේ කේතය කියවල, ධාරිත්‍රකයේ අගය හදුනා ගන්නේ කියල.
සෙරමික් ධාරිත්‍රක් අරගෙන එකේ මතුපිට බැලුවොත් ඔබට පෙනේවි එහි අංකයක් සටහන් කරලා තියනවා
මේ අංකය, අංක 1 කින් පමණක් සමන්විත වෙන්න හෝ, අංක දෙකකින් පමණක් සමන්විත වෙන්න හෝ අංක තුනකින් සමන්විත වෙන්න පුළුවන්.
මෙහිදී කෙලින්ම හෝ කේතයක් ලෙස ධාරිත්‍රකයේ දක්වල තියෙන්නේ ධාරිත්‍රකයේ ධාරිතාව පිකෝ ෆරඩ් වලින් බව මුලිකවම මතක තබා ගන්න.
අගය අංක 1 කින් හෝ 2 කින් ඇති අවස්ථාව
අංක එකක් හෝ දෙකක් පමණක් ඇති අවස්ථාවක, අපිට අගය කියවා ගැනීම පහසුයි. මොකද ඒ සදහන් අංකය, ධාරිත්‍රකයේ ධාරිතාව පිකෝ ෆරඩ් අගයක් විදියට කෙලින්ම ගන්න පුළුවන්
උදාහරණ ලෙස ඔබේ ධාරිත්‍රකය මත සටහන් වෙලා තියන අංකය 18 නම්, එහි අගය 18pF එහෙමත් නැත්තම් 18 පිකෝ ෆරඩ් විදියට ගන්න පුළුවන්
එහෙමත් නැත්තම්, ධාරිත්‍රකය මත සදහන් වෙලා තියෙනේ “1” කියල නම්, එහි අගය 1pF විදයට ගන්න පුළුවන්
අගය අංක 3 කින් ඇති අවස්ථාව
මේ වෙලාවේදී අපිට ධාරිත්‍රකයේ අගය කෙලින්ම කියව ගන්න බැහැ. මොකද දැන් අගය කේතයක් විදියට සදහන් කරලා තියෙන්නේ
ඒ කියන්නේ ධාරිත්‍රකය මත 104 ලෙස සටහන් කරල තියන වෙලාවේදී එහි අගය 104pF කියල කියෙව්වොත් වැරදියි.
එහෙනම් කොහොමද නිවැරදි අගය කියවන්නේ?
එක පහසුයි
අපි උදාහරණය විදියට 104 කියල සටහන් ධාරිත්‍රකයක් ගනිමු
අපි දැන් කරන්නේ මේක අගයේ මුල් ඉලක්කම් දෙක ලියාගෙන, අග ඉලක්කමේ අගයට සමාන බිංදු ප්‍රමාණයක් අගට එකතු කරනවා
ඒ කියන්නේ
104 à 10 4 à 10 0000 à 100000
දැන් මේ ලියවුන 100000 කියන අගය තම ධාරිත්‍රකයේ අගය පිකෝ ෆරඩ් වලින්
ඒ කියන්නේ
104 = 100000pF
තව උදාහරණයක් ගත්තොත්
221 විදියට සදහන් ධාරිත්‍රකයක් ගනිමු. උඩ විදියටම කලොත්
221 à 22 1 à 22 0 à 220 = 220pF
අපි සාමාන්‍ය භාවිතයේදී 100000pF වගේ අගයන් ලියන්නේ නැහැ. එකට හේතුව දිග වැඩි වීම. එක නිසා දිග අගයන්, අපි පොඩි අගයන් බවට පත් කරනවා ඒකක එහෙමත් නැති නම් යුනිට්(unit) භාවිතයෙන්.
මේ ඒකක වෙනස් කිරීමේදී පහත වගුව භාවිත කරන්න පුළුවන්
1000 pF = 1 nF (නැනෝ ෆරඩ් / nano farad)
1000 nF = 1 uF (මයික්‍රෝ ෆරඩ් / micro farad)
1000 uF = 1 mF (මිලි ෆරඩ් / mili farad)
1000 mF = 1 F (ෆරඩ් / farad)
දැන් අපි බලමු අපි මුල් උදාහරණයේ ගත්ත 104 කියන ධාරිත්‍රකයේ අගය කොට කරන්නේ කොහොමද කියල
104 = 10 0000 = 100000 pF
අපි දන්නවා 1000 pF = 1 nF කියල
එහෙනම් 100000 pF කියන අගය නැනෝ ෆරඩ් (nF) කරන්න අපිට මේ අගය 1000 න් බෙදන්න පුළුවන්
100000 pf / 1000 = 100 nF
අපිට මේ අගය මයික්‍රෝ ෆරඩ් (micro farad) කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මේ නැනෝ ෆරඩ් අගය 1000 න් බෙදන්න විතරයි
100 nF / 1000 = 0.1 uF
එහෙම නම් අපි දැන් ධාරිත්‍රකයක 104 කියල සදහන් කරලා තිබුනොත් එයින් අදහස් වෙන්නේ
104 = 100000 pf = 100 nF = 0.1 uF
කියල දන්නවා
ධාරිත්‍රකයක 223 කියල සදහන් වෙලා තිබුනොත් එහි අගය මොකක්ද කියල දැන් හොයා ගන්න පුලුවන්ද බලන්න.
ධාරිත්‍රක වල අගයට අමතරව අප සැලකිලිමත් වියයුතු තවත් පරාමිතීන් (parameters) කිහිපයක් ඇත. ඒවානම්: සඳහන් කර ඇති ධාරිථා අගයේ නිවැරදිතාවය හෙවත් ධාරිත්‍රකයේ සබෑ ධාරිථාව (capacitance) එහි ස්ඳහන්කර ඇති අගයෙන් කොපමණ ප්‍රමානයක් වෙනස් විය හැකිද යන්න (Tolerance), ධාරිත්‍රකයට දරාගතහැකි උපරිම වෝල්ටීයතාවය (Voltage) සහ ක්‍රියාකාරී උෂ්ණත්ව පරාස්ය (Temperature Range).
Tolerance:
Tolerance එක දැක්වීමට අකුරක් භාවිතා වේ. එම භාවිතාවන අකුරු සහ ඊට අනුරූප අගයන් පහත වගුවෙන් බලාගතහැක.
Voltage:
වෝල්ටීයතාවය බොහෝවිට අංකයක් ලෙස සටහනි කර තිබේ. එසේ නොමැති විට ධාරිත්‍රකයේ අගයට යටින් ඉරක් ඇතිවිට බොහෝ විට ඉන් අදහස්වන්නේ වෝල්ටීයතාව්ය 50V - 100V අතර බවයි.
Temperature Range:
ක්‍රියාකාරී උෂ්ණත්ව පරාසය දැක්වීමට ධාරිත්‍රකය මුදුනෙහි යොදන වර්ණය භාවිතා කරයි. බොහෝවිට අප භාවිතා කරන ධාරිත්‍රකවල කලු පැහැති තිත්ක් යොදා ඇති අතර, එහි අදහස වන්නේ ක්‍රියාකාරී උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක -25 - +85 වන බවයි.
Leave a comment1